Friday 8 July 2016

ලලිත් කොතලාවල, SAITM සහ Sunway අධිරාජ්‍යය




මුස්ලිම් බහුතරයක් සිටින, භූමි පුත්‍ර නමින් මුස්ලිම්වරුන්ට පමණක් බොහෝ රාජ්‍ය පහසුකම් ලබා දෙන, මැලේසියාවේ, චීන සම්භවයක් ඇති ජෙෆ්රි චේ 1974 දී ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරයක් ඇරඹුවේය. රජය පමණක් නොව රටේ ජනතාවද ජෙෆ්රි චේ පසු පස සිටියේ ජාතික සම්භවය කෙසේ වෙතත් ව්‍යාපාරිකයෙකුගේ බිහිවීම රටට වැඩදායක බැවිනි. විශේෂයෙන්ම කුඩා සමාගමකින් පටන් ගෙන තම ජීවිත කාලය තුල මහා පරිමාණ ව්‍යාපාරික අධිරාජ්‍යයක් දක්වා ගමන් කල හැකි ව්‍යාපාරිකයන් බිහිවන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින සේ කලාතුරකිනි. එවන් ව්‍යවසායකයෙකුගේ අනුප්‍රාප්තිය වටහා ගැනීමේ ඉවක් මේ රටේ වැසියාට ඇත.

කුඩාවට පටන් ගත් Sunway ව්‍යාපාරය අද විශාල අධිරාජ්‍යයකි. විශ්වවිද්‍යාල (පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්ද ඇතුළුව), සුපිරි වෙළඳ සංකීර්ණ, රෝහල්, අහස උසට නැගුන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, දැවැන්ත විනෝදාගර (theme පාර්ක්), උද්‍යාන, ජල තටාක, ආදී සියළුම නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි Sunway ව්‍යාපාර ජාලය අති නවීන අහස් මහාමාර්ග වලින් යා වුනු වෙනමම ලෝකයකි. එහි මුල්‍ය වටිනාකම ඩොලර් බිළියන 10ය ඉක්මවයි. ව්‍යාපාර ජාලයෙන් 14,000 ඍජු රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර මිලියනයකට පමණ වක්‍ර ආදායම් මාර්ග උපයා දී ඇත. මැලේසියානු රජය ලබා දිය හැකි සෑම පහසුකමක්ම මෙන්ම සිවිල් පුරවැසියෙකුට ප්‍රධානය කල හැකි ඉහලම නම්බු නාම වලින්ද ජෙෆ්රි චේව දිරිමත් කරන ලදී. මේ අධි ධනවත් මිනිසා මැලේසියානුවන් අතර ඉහලම ගෞරවයට පාත්‍ර වන අතර සැමදෙනාම ඔහුට බෙහෙවින් ආදරය කරයි. 



අනූව දශකයේදී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ ආසියානු ශාකාව ලංකාවේ ඇරඹීමට යෝජනාවක් පැමිණියේය. එවකට තිබූ චන්ද්‍රිකා රජයේ බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම අවබෝධ කරගත්තද ඒ වකවානුවේ එම රජය ජ. වි. පෙ. සමග ඇති කරගෙන තිබු සංහිදියාව නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට තරම් කිසිවෙක් නිර්භීත නොවීය. ලංකාවට එපා දේ කවදත් තමන්ගේ කර ගන්නා ඉතිහාසයක් ඇති මැලේසියාව මෙතැනදීද යුහුසුළු විය. ජෙෆ්රි චේගේ ආරාධනයෙන් මොනෑෂ් සරසවියේ ආසියානු මණ්ඩපය Sunway නගරයේ බිහිවිය. අද එය මැලේසියාවට ඩොලර් මිලියන ගණනාවක් ගෙන එන ව්‍යාපෘතියකි. ලංකාවේ සිසුන් බොහෝ ගණනක් මෙන්ම ශ්‍රී ලාංකික සරසවි වල සේවය කල ආචාර්යවරුන්ද අද වන විට මෙම සරසවියට අනුයුක්ත වී ඇත. 



ජේ ආර් ජයවර්ධන රජය දාස මුදලාලිගේ කොඳු නාරටිය කඩා දමන විට මේ රටේ ජනතාව  හුරේ දමන්න විය. මහින්ද රාජපක්ෂ රජය ලලිත් කොතලාවලගේ සෙලින්කෝ අධිරාජ්‍ය බිඳ දමන විට මේ රටේ සිටින බොහෝ ඇත්තෝ "ඕකට හොඳ වැඩේ" යැයි ක්‍රෝධය මුසු සතුටකින් කීහ. ඊයේ පෙරේදා Avant Garde ආයතනයට කෙනෙහිලි කම් කරන විටද වතපොතේ බොහෝ දෙනෙක් ප්‍රීතියෙන් පිනා යනු මම දුටිමි. 

මා කුඩා කල අපේ අම්මා මා කැටිව බම්බලපිටියේ වජිරාරාමයට මසකට වරක්වත් යන පුරුද්දක් විය. ඒ නාරද හාමුදුරුවන්ගෙනුත් මඩිහේ පඥාසිහ නාහිමිගෙනුත් බණ ඇසීමටයි. මඩිහේ පඥාසීහ හාමුදුරුවෝ නිතරම කියූ එහෙත් මට ඊළඟ වසර පහළොව පමණ වනතෙක් නොතේරුණු කියමනකි.

"පිංවතුනි හැමවිටම හිතන්න දුප්පතුන් නැතිවේවා කියා. අද බොහෝ දෙනෙක් උදේ හවස පතන්නේ පොහොසතුන් නැතිවේවා කියායි. සමහර පිංවතුන් දවල් පෙළපාලියේ යනවා පොහොසතුන් බංගවෙලාම පල කියල මොර දිදී. රෑට පන්සලට ඇවිත් සාධුකාර දිදී අහගෙන ඉන්නවා අනේපිඬු සිටාණන් ජේතවනාරමේ මිලට අරන් සසුනට පූජාකරපු හැටි". 



රෝහණ විජේවීර මෙරට එකම වැසියෙකුටත් රැකියාවක් ලබා දුන් බවක් අප දන්නේ නැත. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයෝ නොයෙකුත් වකවානුවල එවකට පැවති දහසකුත් රැකියා අවස්ථාවන් විනාශ කර දමන ලදී. එහෙත් බොහෝ දෙනෙකුට විජේවීර තම සදාදරණීය නායකයාය. මෙරට ජනතාවට රැකියා 11,000 පමණ උත්පාදනය කල ලලිත් කොතලාවල පොදු මිනිසාගේ පරම සතුරාය. 

වෘත්තීය සමිති නායකයන් වෘතීය අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ වෘතිකයාට රැකියාවක් තිබෙන බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල බොහෝ වෘතිකයන්ට රැකියාව ලබා දෙන්නේ පෞද්ගලික අංශයයි. මින් පරිබාහිරව සමාජවාදී දේශපාලන රාමුවක් තුල රජයේ පාලනයට යටත් රැකියා ක්‍රමවේදයකට ගිය සියලුම රටවල් පාහේ අසාර්ථක විය. මේ පිළුණු වූ කතා වස්තුව නැවත වැමෑරිමෙන් දැන් පලක් නැත. 

රැකියාවේ මට්ටම ඉහලට ගෙන ඒම සඳහා අරඟල කල යුත්තේ රැකියා සපයන්නාට එදිරිව වෛර බැඳ ඔහු විනාශ කිරීමට අවි මෑනීමෙන් නොවන බව අප පැහැදිලිව තේරුම් ගත යුතුය. වෛද්‍යවරයාගේ සිට කසළ ශෝධකයා දක්වා සියළුම වෘත්තීය ක්‍රියාකාරකම් රෝබෝවක මාර්ගයෙන් සිදුවන යුගය යතාර්ථයක් බවට පත්වෙමින් තිබෙන බවත් අප අමතක නොකළ යුතුය. 

ව්‍යාපාරිකයාද මනුෂ්‍යයෙකු බව යථාර්ථයයි. ලැබෙන ආදායම තව තවත් වැඩි කරගැනීමට යත්ත දැරීම මනුෂ්‍යාගේ ස්වභාවයයි. එය එක පැත්තකින් රැකියා උත්පාදනය වැඩි කිරිමෙහි ලා දායක වන අතර අනෙක් පසින් නිසි අනිසි හැම ආකාරයකින්ම තම අරමුණ කරා යාමට ව්‍යාපාරිකයා පොළඹවයි. මෙය අනේපිඩු සිටාණන්ගේ සිට ජෙෆ්රි චේ දක්වා සියලුම ව්‍යාපාරිකයන්ට වලංගුය. රජයේ මෙන්ම සමාජයේද සෙවුම් ඇස සහ මැදිහත්වීම අවශ්‍යවන්නේ ව්‍යාපාරය නොමරා මෙහිදී ඇතිවන අනිසි කටයුතු අවමයක් කරගැනීමටයි. එය නිසි අයුරින් කරන රජය සහ සමාජය දියුණු වෙයි. මේ සරළ ක්‍රියාවලිය තේරුම් ගත නොහැකිවීම ලාංකිකයාගේ අවාසනාවයි.

මතක තබා ගන්න අපගේ ප්‍රාථමික, ද්විතීය, තෘතීය මෙන්ම චාතුර්ව අධ්‍යාපනයද සිදුකරන්නේ 99.9% ක් රැකියා අපේක්ෂකයින් බිහි කිරීමයි. ඒ සියල්ලගේ අභිප්‍රාය සැපිරිය යුත්තේ 0.1% වන රැකියා උත්පාදකයාය. රැකියා ඉල්ලමින් බෝර්ඩ් කෑලි උස්සාගෙන මහපාරේ කෑ මොර දෙන දහසක් දෙනාද හැකිතාක් බැට දෙන්නේ මේ රැකියා උත්පාදකයාටමය. ඉතින් මේ රටට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නැත. 



පසුගිය සතියේ මගේ කිට්ටු මිතුරෙක් මා සමග කල Skype කතා බහක් මෙහි සඳහන් කිරීමට සිතෙයි.

"චන්දිම, ඔයා කැමතිද SAITM එකෙන් පාස් වෙලා ඉන්න ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගන්න"

ඔහු මුදල් අය කර ලබාදෙන අධ්‍යාපනය පිලිබඳ මගේ ලිපි කියවා ඇත. ඔහු මා රැගෙන යන්න හදන තැන මට වැටහේ.

"ඇත්තටම නැහැ" මම කෙලින්ම පිළිතුරු දුනිමි.

"ඒක තමයි. අපි කට කැඩෙන කන් කියන්නේ ඔය ඉලව්ව වහල දාන්න කියලා. කෝ ඉතින් සමහර බක පණ්ඩිතයන්ට ඕක තේරෙන්නේ නැහැනේ" ඔහු ව්‍යංගයෙන් මට පහර දෙයි.

"මචං නහයේ කුරුලෑවක් අවහම නහය කපල විසි කරන එකද විසඳුම" මම බොහොම පහල ස්වරයකින් මිතුරාගෙන් ඇසුවෙමි.

SAITM ඇරඹෙන්නේ රාජපක්ෂ පාලන සමයේය. එහි ප්‍රථම වෛද්‍ය උපාධිලාභීන් බිහිවන්නේ සිරිසේන පාලන සමයේය. එවකට මෙම ආයතනය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ඇමති දෙපල මේ රජයේද ඇමති වරුන්ය. SAITM අසරණ වුයේ එම රජය සහ මෙම රජය මේ ව්‍යාපෘතිය දෙස අන්ධ ඇසින් බලා සිටි නිසාය. සියලු දෙනාට අවශ්‍ය වුයේ කෙසේ හෝ මුදල් අය කරන වෛද්‍ය විද්‍යාලයක් බිහි කිරීම පමණකි. එහි තත්ත්ව පරික්ෂාව පිළිබඳව කිසිවෙක් උනන්දු නොවුහ. මා දකින ලෙස මෙයට පාදක වන්නේ මීට වසර 30 කට පමණ පෙර සිදුවූ බලවත් වරදකි.

1987-88 කාලයේදී ලංකාවට තම ප්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහිමි විය. ඒ වෙනුවට ජාතික වියදම් ගොනුවට තවත් බරක් එකතුවිය. ඉතා ක්‍රමානුකුලව ආරම්භ කල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රේමදාස රජයේ ජනප්‍රිය දේශපාලනය හරහා රජයට පවරා ගන්නා ලදී. මෙම වෛද්‍ය විද්‍යාල එදා ඇරඹුණේ ලාබ නොලබන පෞද්ගලික ආයතනයක් (not-for-profit private venture) ලෙස බව ධාරණය කරගන්න. මේ පිළිබඳව වෙනත් වෙබ් පුවත්පතක දීර්ඝ ලිපියක් පලවූ බැවින් මා ඒ පිළිබඳව වැඩි දුර නොලියමි.
(http://lankaenews.com/news/4205/si)



1992 දී දුරදර්ශි මැලේසියානු අධ්‍යාපන ඇමතිවරයා ලංකාවට වූ අහිමිවීම තම රටේ හිමිකම කරගනිමින් IMU පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිහිකිරීමට මැලේසියානුවන් දිරිමත් කළේය. මුල සිටම දැඩි තත්ත්ව පාලනයක් යටතේ ඉදිරියට පැමිණි මෙම වෛද්‍ය විද්‍යාලය අද ලොව බොහෝ රටවල ඉතා ඉහල පිළිගැනීමකට ලක්වන වෛද්‍යවරු බිහි කරයි. ලාංකික සිසුන් දහස් ගණනක් මෙම වෛද්‍ය විද්‍යාලයෙන් උගෙනුම ලබා ලොව පුරා සේවය කරන බව ඔබ නොදන්නවා ඇත. ඒ වෙනුවෙන් ලංකාවෙන් ඉවතට ඇදී ගිය මුදලින් මේ රටේ තවත් වෛද්‍ය විද්‍යාල දෙකක්වත් මේ වන විට ගොඩ නගන්න තිබුණි. 

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එලෙසින්ම ඉදිරියට ආවා නම් SAITM බිහිවන්නේ මීට වඩා ඉතා ඉහල ප්‍රමිතියකිනි. නමුත් අවාසනාවකට SAITM බිහිවන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව ලංකාව තුල කිසිඳු මිණුම් සලකුණක් (bench-marking) නොමැතිවයි. ඒ පිළිබඳව මැලේසියාව වැනි රටකින් උපදෙස් ලබාගැනීමටද ආයෝජකයන් යොමු කරවීමක් රජය විසින් සිදුකර නොතිබුණි. වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක වීම පිළිබඳවද පැහැදිලි නියාමනයක් සිදු වී නැත. මෙහිදී ඇති ඛේදනීය තත්වය නම් පෞද්ගලික විද්‍යාලයේ ප්‍රමිතිය රැකීමට ලබාදී ඇති උපදෙස් රජයේ සමහර වෛද්‍ය විද්‍යාලවල ක්‍රියාත්මක නොවීමයි. මෙය රජය මෙන්ම වෛද්‍ය සභාව අතින්ද සිදුවෙමින් පවතින වරදකි. 

වසර ගණනාවක සිට රටේ සියළුම විශ්ව විද්‍යාල (මුදල් අය කරන සහ නොකරන) විෂය මට්ටමින් ප්‍රමිති පාලනයකට ලක් කිරීම සහ තත්ව ඇගයීම සඳහා බලයලත් කමිටුවක අධීක්ෂණයට යටත් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. එය නොසිදුවීම තුල ආයෝජකයාගෙන් අපට ලාබ ලැබීමෙන් ඔබ්බට යමක් බලා පොරොත්තු වීම අසීරුය.  මේ පිළිබඳව නැගී සිටීමට හෝ ජාතික මට්ටමෙන් සංවාදයක් ඇති කිරීමට අද SAITM වැසීමට පොලවේ හැපෙන කිසිවෙකු එදා සිටම උනන්දු වුයේ නැත. රජයේ රෝහලේ සේවය කරන පැය කිහිපයෙන් එපිට දවසේ වැඩි හරියක් නින්දක් කෑමක් පවා හරි හැටි නොගෙන පෞද්ගලික රෝහල්, ඩිස්පැන්සරි වල ජීවිතය ගත කරන වෛද්‍යවරු මෙම මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ට මුදල් අය කර හෝ සායන පුහුණුව ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව මා මැලේසියාවේ මිතුරු වෛද්‍යවරයෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ලංකාව ගැන තමන් ඉතා සතුටට පත්වෙන බවයි. ඊට හේතුව මෑත අනාගතයේ කවදාකවත් ලංකාවෙන් මැලේසියාවට ආර්ථික තර්ජනයක් එල්ල නොවෙන බව ඔහුට ඉතා හොඳින් පැහැදිලි වීමයි.

වෛද්‍ය විද්‍යාලයක් වැනි ව්‍යාපෘතියකට ආයෝජකයන් සෙවීම දුෂ්කර කාර්යයකි. එබැවින් පිහිටුවා ගත් මේ ආයතනය ජාතික සම්පතක් ලෙස දැකීම ජාතික අවශ්‍යතාවයකි. එහෙත් වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මෙන්ම මෙහිදීද ලාංකික ජන විඥානය මුහුකුරා ගොස් නැති බව මගේ හැඟීමයි. එය එසේ වනතෙක් අප නොදියුණු රටක් ලෙස සිටිය යුතුය. 



මීට වසර තුනකට පමණ පෙර මම අකුණු ආරක්‍ෂණ උපදේශක වරයා ලෙස කණ්ඩලම හෝටලයට ගොස් එහි දෙදිනක් ගත කලෙමි. මෙහිදී මා දුටුවේ පිරිසක් සමග විත් රස මුසු ආහාරයෙන් තෘප්ත වන විමල් වීරවංශ මැති තුමාය. මෙම හෝටලය ගොඩනැගීම අරඹන විට මෙතුමා ඇතුළු විශාල පිරිසක් පොලවේ පස් කමින් ඊට විරෝධය පෑවා මට මෙන්ම ඔබටද මතක ඇතැයි සිතමි. 

දඹුල්ල ප්‍රදේශයේ දුප්පත් ජනතාවගෙන් කී දෙනෙකුට කණ්ඩලම හෝටලයෙන් ආහාර වේලක් මිලදී ගත හැකිද? පිළිතුර බොහෝ විට බින්දුව වනු ඇත. එහෙත් කණ්ඩලම හෝටලය නිසා ආහාර වේල සරි කරගන්නා කී දහසක් දඹුල්ලේ ඇත්ද? අද විමල් වීරවංශ මැතිතුමාටත් මෙලෙසම හිතෙනවාදැයි මම නොදනිමි. 

SAITM එකෙන් මෙතෙක් පිටවූ සිසු සිසුවියන්ට තව වසරක කාලයක් දැඩි සායනික පුහුණුවක් ලබාදී ඉන් අමතරව රජයෙන් පත්කළ පිළිගත් වෛද්‍ය මඩුල්ලක් මගින් පවත්වන විභාගයකින් සමත් වූ පසු ඔවුනට රැකියාව කිරීමේ අවස්තාව ලබා දේ නම්, ඉදිරියට බඳවා ගන්න සිසුන්ට මා කලින් විස්තර කල ආකාරයට ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාදී ප්‍රමිතිගත විභාගයකින් පසු සමත් කරයි නම් මම කිසිඳු චකිතයකින් තොරව SAITM දොස්තර කෙනෙකුගෙන් ඕනෑම අබාධයකට ප්‍රතිකාර ගනිමි. මෙහිදී වෛද්‍යවරයා ඉගෙන ගත්තේ මුදල් ගෙවාද නැත්නම් නොමිළේද යන්න හෝ ඔහුගේ උසස් පෙළ ප්‍රතිපල මට අදාළ නොවේ.

එදා සමාජය ද්විතීක අධ්‍යාපන සුදුකම් කිරමින් සිටියා නම් ඇල්බට් අයින්ස්ටයින් ඇතුළු ලොව දිනු බොහෝ විද්‍යාඥයන් විද්‍යාවේ තිබිරිගෙයිම මිය යන්න තිබුණි. 




*****************************************************
මේ වන විට ලංකාවේ දරුවන් මැලේසියාවද ඇතුළු පිටරට වෛද්‍ය විද්‍යාල වලට යොමු කරන ආයතන බොහෝ ගණනක් බිහිවී ඇත. මේවායේ තිරයෙන් පිටුපස සිටින්නේද නොයෙකුත් තරාතිරම්වල වෛද්‍යවරු සහ දේශපාලන බලපුලුවන් කාරකම් ඇති සරසවි ඇඳුරන් ආදීන්ය. මෙය විශාල වශයෙන් ලාබ ලබන ව්‍යාපාරයකි. මෙම පහසුකම් සපයන්නාට වියදම් දරන්න වන්නේ web advertising සහ වෙනත් සූළු වියදම් සඳහා පමණි. ප්‍රසිද්ධිය සඳහා වන මූලික වියදම්ද විදේශීය සරසවියම බොහෝ විට දරයි. එහෙත් පහසුකම් සපයන්නාට ලැබෙන කොමිස් මුදල ඉතා ආකර්ශනීය වේ. මේ කිසිඳු ආයතනයක් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිවීමට කැමති වේදැයි ඔබම කල්පනා කර බලන්න.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දැමීමට යැයි කෑගසමින් මහා පාරේ ඇවිදින සියලු දෙනා උගුර කඩා ගෙන කෑගසන්නේ මේ මිලියනපතියන්ගේ අනාගතය වෙනුවෙන් බව ඔවුනුත් නොදැනීම ජාතියේම අවාසනාවකි. 


******************************************************
මෑතකදී කල පුවත්පත් සාකච්චාවකදී හෙළි වුයේ SAITM සිසුන්ට ERPM විභාගයට (කලින් ACT 16 ලෙස හැදින්වූ) පෙනී සිටීමට ඉඩ දෙන ලෙස එවකට රජය සහ පසුව පත් වූ රජය කල ඉල්ලීම මෙඩිකල් කවුන්සිලයේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කල බවයි.

අපේ බොහෝ දොස්තර වියතුන් පය නොතැබූ විදේශ සරසවියක උපාධිය හදාරා එන සිසුවෙකුට කල හැකි විභාගයක්, ලංකාවේ සරසවියකින් පිටවන දරුවෙකුට කල නොහැකි ඇයිද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. මේ සඳහා කිසිවෙකුට පැහැදිළි තර්කයක් ඇත්ද?

*****************************************************

අපොස උසස් පෙළ ප්‍රතිඵල අඩු ළමයෙකු සල්ලි ඇති නිසා වෛද්‍ය උපාධිය ගනිද්දී ඊට ඉහල ප්‍රතිඵල ලැබූ සිසුන්ට එම අවස්ථාව නොලැබීම විශාල සමාජ අසාධාරණයක් ලෙස සමහරුන් දකියි. 

ධනවත් පවුල්වල ළමයි එංගලන්තයට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ගොස් උපාධිය රැගෙන එන විට, ඊට මදක් පල්ලෙහා පන්තියේ ළමයි මැලේසියාවට, තායිලන්තයට, යුක්රේනයට ගොස් උපාධිය අරන් එන විට මේ සමාජ අසාධාරණය සිදු වන්නේ නැද්ද? වෙනසකට ඇත්තේ මේ කෑගසන පිරිසට SAITM ළමයින් ඉගෙනගන්නවා බලාගෙන ඉන්න ඇති නොහැකියාවයි (එංගලන්තයේ ඉගෙන ගන්න දරුවාව අපට නොපෙනේ. පෙනුනත් ඒ අපේ පන්තියට කිට්ටු කරන්න බැරි අය කියා හිත හදා ගනියි).

සල්ලිකාර පවුල්වල දරුවන් හොඳ ටියුෂන් ගුරුවරුන් ගෙදරට ගෙන්වාගෙන ඉගෙනගනිද්දී මේ සමාජ අසාධාරණය නොපෙනේද?

නැති බැරි මිනිසුන් උදේ පාන්දර 4 සිට පෝලිමේ ඉඳ බෙහෙත් ටික ලියවාගෙන රෝහලේත් බෙහෙත් නැතිව, ෆාමසියෙන් ගන්නත් සල්ලි නැතිව සිටිද්දී, ධනවත් මිනිසුන් එම රජයේ වෛද්‍යවරයාටම සල්ලි ගෙවා චැනල් සර්විස් එකෙන් හවසට ප්‍රතිකාර ගනිද්දී ඔය සමාජ අසාධාරණය සිදු නොවේද? ඒ නිසා චැනල් සේවය අත හැරීමට රජයේ වෛද්‍යවරුන් සුදානම්ද?

ඒ සියල්ල පසෙකින් තබමු. කුරුණෑගල හෝ බදුල්ලේ ඉහල පාසලක ඉගෙන ගෙන ටියුෂන් වලින්ම C 2 යි S 2 යි ගොඩ දාගෙන රජයේ වෛද්‍ය විද්‍යාලයට තේරෙන දරුවා, වෛද්‍ය කවුසලයේ ලේඛම් වෙනකොට ඒ අවුරුද්දෙම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දුෂ්කර පාසලක ඉගෙන ගෙන B 4 ක් ගත්තු දරුවා හෙදියක වීම සමාජ සාධාරණයද?

ඔබ මේ සියල්ල මැදහත් සිතින් පිළිගනිද්දී SAITM එකෙන් ඉගෙන ගන්න දරුවාට කෙනෙහිලි කම් කිරීම කොතරම් සාධාරණද?

*****************************************************

සමහරුන් අසන්නේ ලක්ෂ 120 ක් ගෙවිය හැක්කේ කාටද කියාය? 

SAITM ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවන මුදල ම‍ම නොදනිමි. එහෙත් එම මුදල කීයද යන්න අදාළ වන්නේ එයට ඇතුළත්වන සිසුන්ට පමණකි. අනුන්ගේ මුදලින් ඉගෙන ගන්නා කෙනෙකුට තමන්ගේ මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් කියක් ගෙවනවාද යන්න අදාළ වන්නේ කෙසේදැයි මට නොතේරෙයි. 

කෙනෙක් දන්සැලකින් නොමිලේ කන අතර තව අයෙක් වේලකට රුපියල් 12,000 ක් වියදම් කර හිල්ටන් හෝටලයෙන් ආහාර ගනියි. දන්සලෙන් කෑම කන කෙනාට නොහැකි බැවින් හිල්ටන් හෝටලය වසා දැමිය යුතුද? රුපියල් 12,000 වියදම් කර ආහාර වේලක් ගත හැකි පිරිස නැති වූ දින හෝ එම ප්‍රමිතියෙන්ම අඩු ග ආහාර දෙන තැන් බිහිවෙන විට හෝටලය තම මිළ ගණන් පහත හෙලනු ඇත. නැතිනම් එය ඉබේම වැසී යනු ඇත. 

*****************************************************

ඉතා මෑතකදී රුපවාහිනි සාකච්චාවකට පැමිණි වියතෙක් අපුරු තර්කයක් ඉදිරිපත් කළේය. 

ඔහු මුලින් කියා සිටියේ අයිතිකරුවන් ලාබ ලබා ගන්නා සරසවි ලොව කොහෙවත් නැතැයි කියාය. ඉන්පසු ඔහු කිව්වේ එවැනි සරසවි සමහර රටවල ඇති බවයි. ඔහු ඒ රටවල ලැයිස්තුවක් කියවීය; ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, අප්‍රිකානු රටවල් රාශියක්, මැලේසියාව ඒ අතර විය. මීට අමතරව සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් බොහෝමයකද මෙවැනි සරසවි ඇත.

ඉන් පසු ඔහු කියන්නේ ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව වැනි රටවල එසේ නොමැති බවයි. ඒ නිසා ලංකාවේද ඒවා නොතිබිය යුතුය.

මෙම කියමන හාස්‍යජනකය. අපි අයත් වන්නේ ඉහත කුලක දෙකෙන් කුමකටදැයි සිතා බලන්න. ධනවත් රටවල ලාබ නොලබන සරසවි දීර්ඝ කාලයක සිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ ඒ රටවල ඇති ධනවත් ආර්ථික ව්‍යුහය නිසාය. ලංකාව වැනි රටක එබඳු ව්‍යවසායකයන් සොයා ගැනීම අසීරුය. අමතක නොකරන්න මීට වසර තිහකට පෙර (අර අපේ කුලකයේ ඇති බොහෝ රටවලට පෙර) අපේ රටේ බිහිවූ එම ව්‍යවසායකත්වය අප විසින් තිඹිරි ගෙයිහිදීම මරා දමන ලදී. දැන් අපි ඒ වරද ගැන බොහොම උජාරුවෙන් කතා කරමු. 

පෞද්ගලිකව මා දකින්නේද අපි යා යුත්තේ අර ඉහළ කුලකය දක්වා බවයි. එහෙත් ඒ සඳහා කොතනකින් හෝ පටන් ගත යුතුය. පටන්ගත් ඉහල මාලය අපිම කඩා දමා දැන් සත්මහල් ප්‍රසාද ගැන දෙඩවීමෙන් පලක් නැත.    

*****************************************************
ලංකාවේ දුප්පතුන්, දුප්පතුන් ලෙසම සැමදා සිටින බව හෝ සිටිය යුතු බව බොහෝ ලාංකිකයන් දක්වන අදහස්වලින් පැහැදිලි වෙයි. පක්‍ෂ බේදයකින් තොරව දේශපාලුවාද මෙම සංකල්පය මැනවින් පෝෂණය කරයි. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතනයි. 

බහුතරයකගේ තේරීමද දුප්පත්කම උත්කර්ෂයට නැංවීම නම් ඒ රට පිළිබඳව තවත් කතා කිරීමෙන් පලක් තිබේදැයි මම මගෙන්ම අසමි.....!

       

Wednesday 6 July 2016

The Story of Gabo





This is a story from the early 19th Century America.

Gabo was the strongest man among the slaves. He could plow three times the area that his fellow mates do in a day. He got muscles and some brain too. 

The slave owner, Jonathan was a cruel man. He was one of the richest in the state, thanks to the exhaustive work done by the slaves in the corn plantation. 

In the morning, slaves were given two pieces of cornbread with some cooked animal fat. They start working at 8 o'clock sharp in the morning in the field and toil in the blazing sun until 6 in the evening. A 15-minute break was given at noon for the lunch during which they had to swallow three pieces of cornbread with animal fat, in the open field itself. The dinner was the same. 

During the ten-hour duty period, a single wrong move by a slave could attract a number of lashes from the supervisor, by the order of Jonathan. It may be three lashes for not removing the hat when the supervisor is arriving and twenty lashes for getting fainted during the working hours. The slave women had to fulfill the needs of Jonathan and his friends, in addition to the fieldwork. 


On Sundays, they were given a two-hour break for lunch where a piece of chicken is added to the routine portion. As soon as they finish the lunch in the packed thatched hut, where they are allowed to take the meal only on Sundays, they have to listen to the preaching of the reverend who comes after a sumptuous meal with Jonathan in his cottage. 

The reverend used to say that it is the honourable duty of the slaves to be obedient and follow the orders of the slave master, for which the Good Lord in heaven will reward them.  

“The Good Lord rewards only human beings. The reverend says that we will also be rewarded by the Lord. Then we should also be human beings” Gabo started thinking. 

Thinking in that line for weeks, Gabo understood that it is wrong that they are being kept as animals by the Master. He started talking to other people after the dinner and convinced them to get escaped from the captivity of the Master.


After a couple of months of planning, one night, when the lamps were blown off one hour after the dinner, as usual, he executed the operation. He knocked the guard unconscious and let all the salves creep through a hole in the fence that he had secretly carved for two weeks. He led them through the forest clearing the way by cutting the bushes himself. 

After about seven hours of continuous and arduous walking, they came to the top of the hills. Then Gabo addressed the fellow slaves.

“Friends, you are no longer slaves. We are on our own. In a few hours the sun will rise and we’ll start walking again. Now we have to find our food. There are ample supplies on the other side of the hill, but we have to work for that”. 

Gabo asked his fellow-mates to take a few hour rest and he himself leaned on a tree trunk. Tired by clearing the way forward, Gabo was soon fallen into a deep sleep. 

By the time he opened his eyes the sun was shining bright in the mid-sky. He quickly got up and looked around to find no one in the vicinity. 

Bewildered by this unexpected absence of his mates, Gabo started walking back on the track towards the slave quarters. As he was a few miles away from the field where he used to work all his life, he heard the sounds of the guard dogs of the Master. 

In a few minutes, Jonathan appeared with his security force and captured Gabo. By that afternoon the badly beaten lifeless body of Gabo was seen hanging from the neck by a rope in front of the slave quarters. 


On that day, as the morning sun was peeping through the trees, an elderly man of the breakaway slave mass told the others "We will miss the breakfast today and maybe for the rest of our lives". 

Then one by one has started telling that how grateful they should be to the slave master for providing them food right on their tabletop. And a lady started crying, saying that how nice the Master is to give them chicken on Sundays. And soon everybody started recalling the words of the Reverend “The obedient slave that follows the master will be rewarded in heaven”. 

Thus, the slaves have come to the conclusion that Gabo is crazy. Maybe he has gone mad by the influence of the devil. So that they decided to go back. 

One of the slaves, who has been really worried that Gabo will miss his breakfast, has informed the slave quarter supervisor regarding their adventure in the night and also where they can find Gabo.

This 19th Century slaves are well existing even today, every corner of the society. Perhaps, you may be one of them as well. The slave mentality-bearer feels very comfortable within his slave quarter, irrespective of the unjust advantage that the masters take out of them. Therefore, one should be very careful before playing the role of Gabo, even if you are very much concerned about the victim’s plight. 

Whenever you feel that you need to help a modern-day slave to get away from his quarter, always make reconfirmation regarding his will before you come forward to break the chain. 

Perhaps, they may love their chain more than they love their freedom.