Friday 21 August 2015

Mattala, The way out




Few weeks ago I visited Sri Lanka with my family and two guests from Malaysia. Damintha, my brother-in-law was there to pick us. We started around 5 pm and reached his home in Attidiya around 8.30 pm. May be it was an evening with little unusual traffic, yet, not extraordinary. 

Our guests, the two Muslim ladies, on fasting, were almost exhausted by the time we reached the apartment that we have rented. The time we spent in crossing Colombo City was almost the same as the flying time from Kuala Lumpur to Katunayake.

On our way, there were many things to be gossiped, meeting the kith and kin after few months. The topics changed from Kusal Perera's batting to ugly politics and at one stage was about mega projects of the past regime.

"Mattala airport was built without drawing out any clear business road map" I gave my opinion.

"Ohh, that scrap, it ended up in utter waste of national wealth" added by my father in law.

"mmmh, yes, or may be not"  I thought to myself. At least not "ended up".

Isn't there any way out? 

Few projects around the world came to my mind, in the countries where I have stepped in, which were considered as utter failures at one stage. Wise people, later on, turned them into multi-million profit generators.



Why was it failed? This is a question that no one asked, rather than looking for a grave to bury the responsibility of failure.

As I see there were two major reasons behind the apparent failure of the project.

Mattala seems a far remote place: being in the middle of a jungle in the far down south, the airport seems beyond the civilized world for many people, even those in Matara and Tangalle as per their views.

Any reason to go to Mattala?: Nobody will volunteer to travel to a spot in the middle of Sahara dessert and stay there for few days, even if you provide him free transportation. Similarly neither local nor foreign travelers will see any reason to be there at Mattala, although the surrounding is a fascinating jungle with lush green and natures beauty.



There is a very viable solution for the first drawback. 

From many parts of the country, there is not much difference in time to travel to BIA and Mattala; even for a passenger from Kaluthara. However, while there are airport service at Rs. 3000 - 5000 from Kaluthara to BIA, most vehicle owners charge Rs. 20,000 - 30,000 for a trip from Kaluthara to Mattala in a similar vehicle. 

Even for those who use their own vehicle, travelling from Matara to Katunayake seems quite alright but not from Matara to Mattala. This is actually a psychological illusion rather than a physical reality. 

The solution is to have Airport Check-in Centers in several major cities of the country. It is an airport without tarmac. For an example one such center can be established in Kandy. People may check-in at the center to flights that take off from both Katunayake and Mattala airports. 


Thus, for a person in Matale does not need to travel all the way to Katunayake or Mattala by his own. He can check-in at Kandy airport check-in center. Then he will be transported to either Katunayake or Mattala by a luxury coach. All checked in luggage comes in a caravan-type luggage carrier attached to the bus and the passenger has no access to that after he checked-in the luggage at the center (very similar to normal air-port check-in and taking a flight to a transit airport).


The transportation fee should be added to the air-ticket price. A passenger will not feel paying extra Rs. 1000-3000 when he is buying a ticket worth Rs. 80,000. The ticket should be issued as from the check-in center to the destination (eg. Kandy/SL to Tokyo/Japan). Similarly, for the in-bound flights too, the procedure should be implemented. 

Very soon the travelers will feel that they take internal flights to travel  to their final destination. Possible places for such centers at the beginning are Kaluthara, Matara Kurunegala, Kandy, Ratnapura, Badulla, Baticaloa, Vavuniya and Jaffna. On the success of the plan, the number of Centers could be increased. As the passenger demand increases, real airports could be developed at some Centers. 

The coaches should be equipped with amenities usually available in a plane. The coaches should start and end only inside the security zone of an airport or airport check-in center. A smart computer program is needed to schedule the coach departure times to optimize the operational effectiveness. 



This plan will greatly reduce the unnecessary congestion outside BIA that we observe at present. 

The second drawback could be overcome by establishing a super-smart hotel complex close to the airport with some unique features; theme parks, safari hub, meditation center, Ayurveda hospital, mega-mall, auditorium complex, golf course, live-library.... and later on may be an international university as well.



Let's stop that complaining culture and get, set, ready to run towards that dreamland, which, can really be made a reality.       



Sunday 16 August 2015

වතපොතේ ගිනි තැබූ ඔබේ ප්‍රතිරූපය




වතපොතේ ගිනි තැබූ ඔබේ ප්‍රතිරූපය  




සංක්‍රාන්ති සමය නිමා කරමින් මැතිවරණයක් කැඳවිණි. ඉන්පසු ගෙවුණු සති කිහිපය තුල ඔබගේ වතපොතේ හැසිරීම පිළිබඳව හැරී බලන්නට දැන් හොඳම හෝරාවයි.


ප්‍රධාන පක්ෂ දෙකේම අභ්‍යන්තර කවයන්ගෙන් (inner circles) මට දැනගන්න ලැබුණේ සමාන කාරණාවකි. දෙපිලම වැටුප් ලබන, අරටුගත සාමාජිකයන්ගෙන් සමන්විත ප්‍රභල වතපොත හමුදා ක්‍රියාන්විත දියත් කර ඇත. ඔවුන් ව්‍යාජ වතපොත ගිණුම් රාශියක් අරඹා ඒ හරහා පිළිකුල් සහගත අපහාස, චරිත ඝාතන, අසත්‍ය තොරතුරු, සමහර විට ඉතා අසභ්‍ය ආකාරයෙන්, පළකරන්න විය.


එහෙත් ඔවුනට එක් ගැටළුවක් මතුවිය. මෙම ව්‍යාජ ගිණුම් වලට යහළුවන් විශාල පිරිසක් කෙටි කාලයකදී ඇතුලත් කරගැනීම උගහටය. එසේ කලත් එම පළකිරීම් කිසිවකුත් පිළිගනිතියි සිතිය නොහැක.


මේ සඳහා එක් පක්‍ෂයක් සාර්ථක ක්‍රමවේදයක් දියත් කල අතර අනෙක් පක්‍ෂය වහාම එය අනුගමනය කරන්න විය. වතපොතේ මිතුරන් රාශියක් සිටින, සමාජයේ නොයෙක් තරා තිරම් වල අයත් වූ, සැබෑ පුද්ගලයන් පිරිසක් තෝරාගෙන, ඔවුන් වෙත මේ පක්‍ෂ ලඟා විය. ඔවුනට රුපියල් 5000 සිට 150,000 පමණ දක්වා නොයෙකුත් මුදල් ප්‍රමාණ දීමේ පොරොන්දුව පිට, මෙම පළකිරීම් ෂෙයාර් කර ගැනීමට ඔවුන්ව පොළබවා ගන්න ලදී.


ඉන්පසු සිදුවුයේ අවාසනාවන්ත තත්වයකි. තම මිතුරන්ගේ පිටුවල මෙම පළකිරීම් ෂෙයාර් වී ඇති බව දුටු අනෙක් අය ඒවා තරගයට නැවතත් ෂෙයාර් කරගන්න විය. සමහර විට ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරින් සමහර වෛද්‍යවරුන්, සරසවි ඇඳුරන් සහ නිලධාරින්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන්, ඉතා පහත් පෙලේ පෝසට් පවා තම පිටුවල පළකරගන්න වුයේ මේ ආකාරයෙනි.


තමා කැමති දේශපාලන පක්‍ෂයක් හෝ පුද්ගලයෙකු  වෙනුවෙන් මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියාට ඇති පරම අයිතිවාසිකමකි. එහෙත් එය කිරීමේදී තම වෘතිය, සමාජීය සහ ආත්ම ගරුත්වයේ සීමා මායිම් වලින් ඔබ්බට නොයෑමට තරම් ඔබ නැණවත් විය යුතුය. සමහරෙක් මේ ගැන නොසිතා තම ප්‍රතිරූපය අවාසනාවන්ත ලෙස කෙලෙසාගෙන ඇති බව පැහැදිලිව පෙනේ. රුපියල් ශත වෙනුවෙන් හෝ පක්ෂයකට නැත්නම් දේශපාලනඥයකුට ඇති අන්ධ භක්තිය වෙනුවෙන් මේ අය තම රැකියාවේ සහ සමාජීය ප්‍රතිරූපයේ අනාගතයට ගිනි තබා ගෙන ඇත.



මා මේ පවසන දේ ඔබට හෙට අනිද්දාට වැටහෙනු ඇත. සමාජයෙන් ඔබට නොයෙකුත් ගැරහුම් එල්ලවන විට, රැකියාවේ දහසකුත් ගැටළු මතුවන විට...... ඔබ ටොක්ක ඇන ගත යුත්තේ ඔබටමය 


*********

Sunday 2 August 2015

ජාතිය අනතුරේ




මට මේ කථාව ලියා එව්වේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි පාසැල් ගුරු සේවයේද නියුතු ස්වාමින්වහන්සේ නමකි.

පවුල් 350 ක් පමණ පදිංචි මෙම ගමේ සිංහල බෞද්ධ ජාති මාමකත්වයෙන් ඔද වැඩුණු 250 ක පමණ පිරිසක් සිටියේය. සිංහල ජාතියටත් බෞද්ධ ජනතාවටත් මුස්ලිම් ආගමිකයන්ගෙන් එල්ලවිය හැකි තර්ජන පිළිබඳවත්, රණවිරුවන්ට අනාගතයේ සිදුවිය හැකි අසාධාරණකම් පිළිබඳවත්, විදේශ කුමන්ත්‍රණ මගින් සිංහළ ජාතිය රටෙන් තුරන් වී යාමේ අවධානම පිළිබඳවත් ඔවුන් බලවත් සේ කම්පා විය. සිංහල බෞද්ධ විරෝධී බලවේගයන්ට එරෙහිව ඔවුහු රැළි, උද්ඝෝෂණ, පා ගමන්, විරෝධතා පෙළපාලි මෙන්ම යම් අවස්ථාවල කලහකාරී ප්‍රතිරෝධතාද සංවිධානය කළහ. 

ගමේ පන්සලෙන් මේ කටයුතු වලට එතරම් සහයෝගයක් නොලැබීම මේ පිරිසගේ අමනාපයට හේතුවිය. ක්‍රමයෙන් වැඩි දියුණු වූ මේ නොසංසිඳීයාව පන්සලට දානය දීම වර්ජනය කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කිරීම දක්වා දියුණු විය.

ඇතිවන තත්වයේ බරපතළකම වටහා ගත් නායක හාමුදුරුවෝ දිනක් අනාරාධනයෙන්ම මෙම පිරිස පැවැත්වූ "රට බේරාගත් රණ විරුවන් රැකගනිමු" යන තේමාව යටතේ වූ රැස්වීමක වේදිකාවට ගොඩ වුහ. පන්සලේ නායක හාමුදුරුවන් වූ බැවින් කිසිවෙකුටත් එතුමාට එරෙහිව යමක් පැවසීමට නොහැකිවිය. 

කෙලින්ම මයික්‍රෆෝනය වෙත ගිය ස්වාමීන්වහන්සේ ගැඹුරු හඬින් තම කථාව ඇරඹීය. පැමිණ සිටි සියල්ලන්ම මවිත කරමින් එතුමා එම රැස්වීම සංවිධානය කල සහ ඊට සහභාගී වන පිරිස අගයන්න විය. එම සත් කාර්‍යයට උර දෙන හැම දෙනාටම තෙරුවන් සරණ පැතීය.

"මේ උතුම් වූ ක්‍රියාවලිය අපි කතා බහෙන්, පා ගමනින්, ඔබ්බට ගෙනියන්න දැන් නියම කාලයයි. මේ ගමේ ඉන්නවා යුද බිමට ගිහින් විරෝධාර විදියට සටන් කරලා, අවසානයේ  අත පය අහිමි වුන සොල්දාදුවෝ අට දෙනෙක්. ඔබ හැම දෙනාම මේ අයව දන්නවා. ඔවුන්ගෙන් හත් දෙනෙකුගේම පවුල් අද ඉතාම අසරණ තත්වයට පත්වෙලා තිබෙන්නේ. ඔවුන් කෑම කන්නේ වේලක් හැර වේලක්. මේ නිසා මම යෝජනා කරනවා මෙතන සිටින සියළු දෙනාටම මසකට රුපියල් 800 ක මුදලක් මෙම පවුල් වෙනුවෙන් පරිත්‍යාග කරන්න කියල. මම හොඳාකාරවම දන්නවා මේ පිරිස මේ උතුම් කාර්යයට ඉතා ප්‍රීතියෙන් සහභාගී වන බව".

හාමුදුරුවෝ තම අතේ වූ ලොකු අභ්‍යාස පොතක් පෙන්වමින් "මම මේ පොතේ රූල් ගහල පිළිවෙලට තියෙනවා ඔබලාගේ නම් සහ ලිපිනය ලියන්න. එහි අංක එකට ඇත්තේ මගේ නමයි. අංක දෙකට ඇත්තේ අපේ ගුරු හාමුදුරුවන්ගේ නමයි (මට ලිපිය එවූ ස්වාමින්වහන්සේ). පන්සලෙන් මේ සත් කටයුත්තට රුපියල් 1600 ලැබෙනවා. දැන් ඔබතුමන්ලා එක එක්කෙනා ඇවිත් නම, ලිපිනය සහ ටෙලිෆෝන් අංකය ලියා යන්න. මාසේ අන්තිමට ගම වටේට ඇවිදලා මුදල් එකතු කරන කාර්ය මම භාර ගන්නම්. සියලුම මුදල් නිවැරදි පිළිවෙලට ගිණුම් ගත කරන්නම්".

හාමුදුරුවෝ කථාව අවසන් කොට ඒ මේ අත ඇඹරෙමින් වේදිකාවේ සිටි ප්‍රධාන සංවිධායක දේපල වෙත ගොස් අතෙහි තිබු පොත පිරිනැමුවෝය. 

"හාමුදුරුවනේ මම මේක ගැන පොඩ්ඩක් හාමිනේගෙනුත් අහලම ලියන්නම්" ප්‍රධාන සංවිධායක ගොත ගසන්න විය.

"එහෙමයි හාමුදුරුවනේ, මමත් මේ වැඩේට නම් කැමතියි, ඒත් ඉතින් ගෙදරිනුත් අහලම පන්සල පැත්තේ එන්නම්කෝ" මේ අනෙත් සංවිධායකයාය.

"හා හොදයි උපාසක මහත්තයෝ.." ස්වාමින්වහන්සේ සභාව දෙසට හැරෙන විට අන්තිම ජාති මාමකයාද පිට්ටනියෙන් පිට වෙනු දක්නට ලැබුණි. 

මේ එතැන් පටන් තුන් වන මාසයයි. ජාති මාමකයන්ගෙන් "හුම්" සද්දයක් නැත. පන්සලේ දානේ වේලද නොවැරදීම ලැබේ. 

*************

අද වතපොත පුරා ජාතිමාමක පොස්ට් පළකරන, කොමෙන්ටු කොටන කී දෙනෙක් සිංහල බෞද්ධ ජනතාව රැක ගැනීම සඳහා මාසික මුදල් ආධාරයක් කරන්න යැයි කීවොත් ඊට සහභාගී වෙයිද? 

ජාති මාමකයෝ 99% ම වතපොත හැර යනු ඇත.