Monday 16 June 2014

විමලේගේ විහිළු -1













විමලේගේ විහිළු -1


ජනපාල:   කොහෙ ඉඳන්ද විමලේ මේ හතිදාගෙන දුවගෙන එන්නේ

 විමලේ:    අර මුදලාලිගේ වස්ස කුඹුරට පැනල ගොයම් පැල ටික ඔක්කොම කනවා. මට  ඒක දැක්කම යකා ගියා

ජනපාල:   ඉතිං

විමලේ:     මම කිව්වා කියන ටික කනේ ඇඟිලි ගහගන්න

ජනපාල:   මුදලාලිටද?

විමලේ:     අපෝ නැහැ, වස්සට

ජනපාල:   ඉතින් බං, මුදලාලි දැනගන්න ඕනෙනේ මුදලාලිගේ
වස්සව බැඳලා තියන්න. උඹ මුදලාලිට එපැයි බනින්න

විමලේ:     අපොයි එහෙම කොහොමද? අපේ ගෑනිට හදිස්සියකට උපකාරයක් වත් කරන්න ඉන්නේ මුදලාලිනේ.


උන්දැට බැනල මට ගෙදර ගිහින් විසුමක් වෙන්නේ නැහැ



******************************

1 comment: