Thursday 5 September 2013

The 2-hours that take the nation backward


ජාතිය පසුපසට ගමන් කරවන දෙපැය 




අපි රෑ 7.30 ට වාඩි වුණාම  ආයි 9.30 ට තමයි නැඟිටින්නේ. ඊට පස්සේ ඈණුම් ඇරලා නිදියගෙන උදේට නැඟිටලා ආයිත් යනවා. 7.30 ඉදලා 9.30 වෙනකල් තමයි ලංකාවේ රාහුකාලය තියෙන්නේ.

-              විමල් වීරවංශ


         05/09/2013



මෙතනදී ඔහු 100% නිවැරදිය. 

රැ 9.30 
ට පුටුවෙන් නැගිටින්නේ ඍණ ආකල්ප වලින් ඔලුව පුරවාගත් ශෝක භරිත, ක්‍රෝධ භරිත ලාංකිකයෙකි. තම එදිනෙදා ජීවිතයේ ඇති දහසක් අභියෝග මදිවාට, රූප තිරයේ රඟන මනඃකල්පිත චරිත වල දුක් පීඩා කරදර කම්කටොලුද කරේ තියාගත් ජනතාවක් සමග රටක් පෙරට ගෙන යාම අසීරුය.

රටට නැතිවෙන්නේ රුප තිරය ඉදිරියේ ගෙවෙන ලක්ෂ සංඛ්‍යාත මිනිස්-පැය ගණන පමණක් නොවේ. ඇත්ත තත්වය නම් බොහෝ දෙනෙක් (ගැහැණු-පිරිමි බේධයකින් තොරව) තවත් පැය ගණනාවක් මේ මනඃකල්පිත චරිත වල ප්‍රශ්න විසදන අයුරු කල්පනා කරමින් කාලය මැරීමයි.  නිවසේ, පාරේ තොටේ, රැකියා ස්ථානයේ පැය ගණන් මේ ගැන සාකච්චා පවත්වයි . 


මේ විකාර රූපී බහුබූත වල ජීවිතයට ගන්න කියා කිසිඳු හර පද්ධතියක් නැත. 80 ගණන්වල දුටු අඬන දොඩන වැලපෙන නැතිවෙන දිග හැරෙන නැවෙන කැරකෙන රූප දසුන් එලෙසම තවමත් දිග හැරේ. මුහුණු, ඇඳුම් පැළදුම් පමණක් තරමක් වෙනස් වී ඇත. 


මේ විප්‍රකාර සමග ගෙවෙන්නේ රටක අනාගතය බව සිතන්න. දැන්වත් මේ බැරෑරුම් තත්වයෙන් මිදෙන්නට කල්පනා කරමු. 








Tuesday 3 September 2013

බුදු දහම රැක ගන්න කෙටි යුධ සැලැස්මක්

බුදු දහම රැක ගන්න කෙටි යුධ සැලැස්මක් 



1. පන්සිල් රකින්න බෞද්ධයන් හුරු කරමු 

2. විශේෂයෙන් තරුණ පිරිස් සිත කය දමනය කරගැනීමට හුරු කරමු

3. හැකි සැම විටකම පන්සලකට පියනගමු 

4. පොහොසත් ප්‍රධාන පන්සල් වල ගොඩගසාගෙන ඇති ධනය කුඩා දුප්පත් පන්සල්වලට බෙදා දීමට නායක ස්වාමින් වහන්සේලා දිරිමත් කරමු 

5. සංවරව, ප්‍රිය මනාපව කතා බස් කරමු 

6.  භික්ෂුන් වහන්සේලාගේ අභිධර්ම අධ්‍යාපනයට උපකාර කරමු 

7. ගැඹුරු ධර්ම කාරණා සාකච්චා කිරීමට මාධ්‍ය දොරටු විවර කරමු

8. දූ දරුවන් දහම් පාසල වෙත යොමු කරවමු

9. අලස කම දුරලමු 

10. නිරෝගී ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගමු