Tuesday 6 November 2012

TRAITOROUS STORY




දේශ ද්‍රෝහී කතාවක් 





ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන අපි බොහෝ සෙයින් ආඩම්බර වෙමු. ඒ රජවරුන් කෙරවූ ගොඩනැගිලි, කළා නිර්මාණ  හා වැව් පොකුණු නිසාවෙනි.

මම පසුගිය දිනෙක වැඩකටයුතු වලින් ඉවත්වී පොඩි විවේකයක් ගැනීමට සිතා සිංහල රාජාවලිය කියවීමට පටන්ගතිමි. අවාසනාවකට මෙන් වසර ගණනාවක පුරුද්ද නිසා මට දැන් සමීකරණ සුත්‍ර වගු ආදියෙන් තොරව දිවිගෙවීම අතිශයින් දුෂ්කර වී ඇත.  මේ නිසාමදෝ මම අපේ රජවරු පිළිබඳව වගුවක් සැකසීමට පටන් ගතිමි. එහි වුයේ තීරු තුනකි. රජු, ඔහු රාජත්වයට පත්වුයේ කෙසේද සහ ඔහු රාජත්වයෙන් ඉවත් වුයේ කෙසේද යන්න ඒ තීරු තුනයි.

සාමාන්‍යයෙන් අපි හැමෝම බලාපොරොත්තු වන්නේ දෙවන තීරුව සඳහා "පිය රජුගේ හෝ සොහොයුරාගේ මරණය නිසා" සහ තෙවන තීරුව සඳහා "රජුගේ මරණය නිසා" යන්නය. සැකසු වගුව මේ බලාපොරොත්තුවට බොහෝ සෙයින් සමාන විය. එහෙත් අවසාන තීරු දෙක සඳහා පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කල යුතු බව ටික දුරක් වැඩේ කර ගෙන යන විට මට හැඟුනි. 

බොහෝ රජවරුන් සඳහා මට ලිවීමට සිදු වුයේ දෙවන තීරුව සඳහා "පිය රජු, සොහොයුරා හෝ සොහොයුරන්, මාමල, බෑණලා, අරය, මෙයා මරාදැමීමෙන්" යන්නත් තුන්වන තීරුව සඳහා "සොහොයුරා, පුතා, නෑදෑය, අරය, මෙයා රජුව මරාදැමීම නිසා" යන්නත් ය. අපේ ඉතිහාස පොතේ මොන තරම් ලේ තැවරී ඇත්දැයි මට තේරුනේ වැඩේ භාගෙට කරගෙන යන විටය. පසුව මම වැඩේ අතරමග අත හැර දැමුයෙමි.

ලෝකයේ අනෙක් රටවල ඉතිහාසය ගැන මගේ දැනුම මද නිසා මෙම තත්වය ලංකාවට විතරක් සීමාවූ කරුණක්ද නැතහොත් සියලුම රටවල රාජාවලියට පොදු වූ කරුණක් දැයි නොදනිමි.

එහෙත් මා දුටු එක් වැදගත් ප්‍රවනතාවයක් නම් රජුට වඩා රජුගේ සොහොයුරන් රටේ ජනාදරයට පාත්‍ර වීම හෝ තුන්වන බලවේගයක් මගින් එසේ කරවීම රජුන්ට හා රටට එතරම් සුවදායක නොවූ බවයි. 





No comments:

Post a Comment