Monday 10 September 2012

Thoughts during a transit at Dubai Airport






අපි යුධ කළෙමු...වසරක් දෙකක් නොව 30 වසරක්ම 

අපි යුධයෙන් දිනුවෙමු... ඒගැන උදම් අනමු, සව්දිය පුරමු...


?එහෙත් අප තිස් වසරක් යුධ වදිමින් සිටින අතර අවට සිදුවී ඇත්තේ කුමක්ද 

සිංගප්පුරුව ලොව හොඳම වරායවල් සහ ගුවන්තොටුපළවල් කිහිපය අතරට යමින්

ආසියා ශාන්තිකර කලාපය තුල තම අණසක පතුරුවයි

ඩුබායි ලොව හොඳම වරායවල් සහ ගුවන්තොටුපළවල් කිහිපය අතරට යමින්
යුරෝපා අත්ලාන්තික් කලාපය තුල තම අණසක පතුරුවයි 
මැලේසියාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත්ව ඇත 
හයිද්‍රබාද්, බැංගලෝර්, පුනේ ලොව දෙවන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත
චෙන්නායි මෝටර් රථ නිෂ්පාදනයෙන් කලාපයේ ඉහලම තැනට ගොස් ඇත....
වියට්නාමය ලොව සහල් යෝධයාගේ චරිතය රඟපායි
ඉන්දීය සිනමාව කරදිය වළලු හතකිනුත් එහාට තම අත් දඬු විහිදුවා ඇත 

!!........එහෙත් අපි
බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාල වලට කොහෙන් නැතත් අපෙන් බුරුතු පිටින් යති
ඉන්දියාවට පස් පඩංගුවේ  බනින අපි උදේ ඉඳන් රෑ වෙනකම්ම ඉන්දියන් බඩු භාවිතා කරමු 
එදා ආඩම්බරයෙන් පිට රට පැටවූ පොල්ගෙඩිය අද කේරලෙන් ගෙන්නන තැනට වැඩ යෙදී ඇත
පොලියට ණය, පොලිය ගෙවන්න පොලියට ණය, ණය ලැබෙන්නේ නැත්නම් අච්චු ගැහෙන රුපියල් කඳු.    

බලන්න හසන්ත...මෙහෙමත් ආශ්චර්යයක්...........

3 comments:

  1. මම මේ ලෝකයෙන් transit ගන්න ගෙදර ඉන්නේ ඔයිට වඩා නිදහස්සිතක් ඇතුව.

    යුද්දෙන් පස්සේ ටිකත් ව්හෙමයි.
    තව අවුරුදු 30 කින් පසු. යුද්දේ ඉවරවෙලා අවුරුදු 30 වත් මෙහෙමයි.අපිත් යනවා හැබයි පස්සට.

    ReplyDelete
  2. Well said Lella.. Appreciate your thoughts

    ReplyDelete
  3. They will sell the war as much as possible and worst thing is most of people also really looking forward to buy that very cheaply. So pathetic...

    ReplyDelete