Tuesday 17 July 2012

Atuwa and Putuwa in SL Education





At village houses in agri-based rural Sri Lanka, 'atuwa" (paddy store) and 'putuwa" (chair) are equally important items for the simple life style of villagers. 

Popular quotation on atuwa and putuwa comes to my mind as I look at the current struggle in the island on so called free (free of charge) education and paid education at tertiary level. 

While a majority of the concerned public shout that they need only atuwa; the popular minister of higher education try his level best to make putuwa by breaking atuwa.

Nobody understand that for the simple village life style both atuwa and putuwa are equally needed....



Monday 16 July 2012

ලංකාවේ නොරැකුණු බුදු දහම


 
මෙම ලිපියට අදාළ කරුණු කාරණා ගොඩනැගුනේ වසර ගණනාවක් තුල මා හිතවතුන් සමග කල සාමාන්‍ය  කතාබහ ඇසුරෙනි. එබැවින් මේ සඳහා මුලාශ්‍ර මා ඉදිරිපත් කරන්නේ නැත. මා කියන දේ ඔබ පිළිගනිම හෝ නොපිළිගැනීම මට අදාළ නැත.
මෙම ලිපිය කිසිසේත්ම ලංකාවේ පවතින සම්ප්‍රදායික ක්‍රිස්තියානි පදනමට පහරක් නොවේ. සැබවින්ම බෞද්ධයා මෙන්ම සම්ප්‍රදායික කතෝලිකයාද මේ රැඩිකල් ආගම්වාදයෙන් බැටකමින් සිටියි.
දකින දේ ලියනවා විනා මට කිසිඳු ආගමක් රැකගැනීමට අවශ්‍යතාවයක්ද නැත. මන්ද ආගම් ඇත්තේ රකින්න නොව කැමති අයෙකුට පිළිපැදීමට පමණක් නිසාය. 

******************************************

අද අප සිටින්නේ වසර 30-35 ක පමණ සිට කෙරෙන බහුජාතික අන්‍යගමිකරන වැඩ සටහනක ඉතා සාර්ථක අවස්ථාවකය.

දිග කතාවක් කෙටියෙන් කියනව නම්, 70 දශකයේ ඇරඹි, 80 දශකයේ  තීවෘ වූ, ථෙරවාද බුදුදහම විනාශ කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රධාන අංගය වුයේ බෞද්ධයන් අබෞද්ධයන්  බවට පත් කෙරිමයි. එහි දිගු කාලින අරමුණු පිළිබඳව වෙනමම සාකච්චා කල යුතුය.   

අන්‍යාගමිකකරණය සඳහා ආයතන රාශියක් මුදල් යෙදවූයේය. ඔවුන්ගේ සැලසුම වුයේ තෝරාගත් සමුහයක් කණ්ඩායම් වශයෙන් බෙදා ලංකාවේ අඩු ආදායම් ලබන ජන කොටස් වෙත පිටත් කර හැරීමයි. ඔවුන්ගේ කාර්ය භාරය වුයේ නොයෙකුත් දීමනා සහ වරදාන පොරොන්දු වෙමින් ජනතාව ඔවුන්ගේ රැඩිකල් ක්‍රිස්තියානි දහම කෙරේ යොමු කරගැනීමයි. බෞද්ධ, හින්දු සහ සම්ප්‍රදායික කතෝලික ජනාවාස ඔවුන්ගේ ගොදුරු බිම් විය. 

වසර 2002 පමණ වන විට මෙම ව්‍යාපාරය එතරම් සාර්ථක නොවන බව රැඩිකල්  මිෂනාරින්ට පෙනී ගියේය. මීට හේතුව වුයේ මෙම කාර්යට යෙදවූ  ලාංකිකයන් බොහෝ දෙනෙක් තම කාර්යභාරය පසෙක තබා  මාසිකව ලැබුණු වේතනයෙන් හොඳ ජීවිතයක් ගත කිරීමට ඇබ්බැහි වීමය. තවද නොයෙකුත් අවස්ථාවල ගැහැණු දෙදෙනෙක් සහ පිරිමියෙක් ඇතුලත් කණ්ඩායමක් ගෙවල් ගානේ ඇවිදින්න  සැලැස්වීමේ ක්‍රමය අවසන් වුයේ තිදෙනාගේම පවුල් ජීවිත අසාර්ථක වීමෙනි. 

2003 වසරේ මැද භාගයේදී, ලංකාවේ බොහෝ ගම් නියම්ගම් වල ක්‍රියාත්මක වන ප්‍රකට රාජ්‍ය නොවන ජාත්‍යන්තර ආයතනයක් (NGIO) "වියට්නාම් ක්‍රමය" නම් ක්‍රමවේදයක් පිළිබඳව මෙම රැඩිකල් ආගම් ප්‍රචාරණ ආයතන දැනුවත් කරන්න විය. දකුණු කොරියාවෙන් පටන්ගෙන වියට්නාමයේදී සාර්ථක ප්‍රතිපල ලැබූ මෙම ක්‍රමවේදයෙහි  මුලික හරය වුයේ "ගසක් විනාශ  කිරීමට එහි අතු ඉති රහිමින්, කඳ කොටස් කපමින් වෙහෙසෙනවට වඩා, එහි අරටුවට කඳ පනුවන් ඇතුළු කිරීම පහසු කාර්යකි"   යන්නයි.  

2004 වන විට මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැගීම ආරම්භ විය. මා සිතන ආකාරයට ඔවුන්ට විශාල බාධාවන් වන්නට තිබු සෝම හිමි වැනි දැවැන්ත චරිත ඔවුන් එවන විටත් තාක්ෂණිකව තම ගමන් මගෙන් ඉවත් කර තිබුණි. තෝරාගත් ලාංකිකයන් කිහිප දෙනෙකු හරහා සැහෙන මුදලක් ව්‍යාපෘතියට පොම්ප විය. ජවයක් ඇති ගිහි-පැවිදි චතුර බෞද්ධ කථිකයන් කිහිප දෙනෙකු වෙතට යහමින් මුදල් වියදම් කරන අනුගාමිකයන් එකා  දෙන්න බැගින් ලංවන්න විය. දවසට පැය දෙක තුනක් දිව්‍ය බලෙන් ලෙඩ සුව කරන ආගම්වල මෙහෙයන් ප්‍රචාරය කල රුපවාහිනී නාලිකා එක වරම ජනප්‍රිය බෞද්ධ චරිත නිර්මාණය කරන මැෂින් බවට පත්විය. චරිත නිර්මාණයෙන් නොනැවතී ඔවුන් ඒවා පුම්බන්නටත්, වර්ණ ගන්වන්නත් පටන් ගත්තේය. 

රට පුරා බෞද්ධ  නළුවන්, පැවිදි දේශපාලකයන්, සියල්ල දත් බෞද්ධ පණ්ඩිතයන් බිහිවිය. කවි, ගී, කතන්දර, නාටක වලින් බණ කීමත්, බවුසර  ගණන් වලින් පිරිත් පැන් නිපදවීමත් සමගම බණ පදයක, පිරිත්  පැන් පොදක වටිනාකම හීනවිය.  සුපහැදිලිව ධර්ම කථනයේ  යෙදුනු සමහර ස්වාමින් වහන්සේලා හිටිවනම තම මාර්ගය අංශක 90 කින් වක්‍ර කරන්න විය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමි ඵල ලැබුවන්, රහතුන්, පසේ බුදුන්, මෛත්‍රී බුදුන් හතු පිපෙන්නාක් මෙන් පහල  වන්නට විය. මේ අස්සට කඩන් වැදුන සමහර  දේශපාලකයෝ  වලං කඩේට පැන්න ගොන් වස්සන්ට නොදෙවැනි වුහ. 
 
අද බෞද්ධයා කවුරුන් කියන දේ පිලිගන්නටදැයි හිතා ගත නොහැකිව වික්ෂිප්තව සිටියි. සංඝ රත්නයට, බුදු දහමට බෞද්ධයන් අතින්ම මඩ ගෝනි පිටින් වැදෙමින් පවතී. මඩ වලින් නොනැවතී, අතින් පයින්, බැටන් පොලුවලින් මෙන්ම කඩු කිනිසි වලින්ද බෞද්ධයා ඔව්නොවුන් මරාගනිමින් සිටියි. 

සංඝ නායකත්වයේ උදාසීන හා නින්ද්‍රශීලී පිළිවෙත් හමුවේ සමස්ත ලංකික ථෙරවාදී බෞද්ධ සමාජයම බිදවැටෙන සුළු තත්වයකට පත් වී ඇත. බොරදියේ මාළු බාන්නාට මීට වඩා සුදුසු  පරිසරයක් හමු නොවනු ඇත. 

මේ සියල්ලටම ගත වුයේ වසර 7 වැනි කෙටි කාලයකි. වසර 25 කින් කරන්න ට නොහැකිවූ දේ ඔවුන් වසර 7 කින් සපුරා ගත්හ.  අරටුව කඳ පනුවන් කන විට ගහ මිය ඇදෙන්නට ගත වන්නේ ටික කාලයකි.

මීට වඩා මට කියන්න දෙයක් නැත.




Saturday 14 July 2012

Indian Allergy



ඉන්දීය ගැති ඉන්දීය විරෝධය 




තමිල්නාඩුවේ දේශපාලන හැසිරීම් රටාව පාලනය කරන ප්‍රධාන පරාමිතියක් බවට "ලංකාව" පත්වන්නේ අනාදිමත් කාලයක සිටයි. මෑත ඉතිහාසයේ මේ තත්වය අන් කවරදාටත් වඩා තීව්‍ර වී ඇත.

ලංකාවට ඉන්දියාව කරන අරියාදු මත ලාංකිකයා තුල ඉන්දියාව කෙරේ අප්‍රසාදයක් සහ විරෝධයක් ඇතිවීම සාධාරණය. ජාත්‍යන්තර වැඩසටහනක කලාපීය නියමුවා ලෙස, 1999 සිට 2009 දක්වා දස වසර තුල මා දකුණු ආසියාවේ සෑම රටකටම නිතර සංචාරය කලෙමි. මෙහිදී මා අත්දුටුවේ මේ ඉන්දීය විරෝධය කලාපය තුල (ඉන්දියාව හැරුණු කොට)  සැමට එකසේ පොදු හැගීමක් බවයි. 


පාකිස්තානුවෝ ප්‍රමුඛව නේපාලියෝ, භූටානියෝ, බංගලා දේශිකයෝ මෙන්ම තරමක් ඈතින් හුදෙකලාව සිටින මාල දිවයින් ජාතිකයෝ පවා ඉන්දියානුවන් කෙරේ දක්වන්නේ නොසතුටකි, පිළිකුල් සහගත හැඟීමකි.

ඉහත ඉන්දීය විරෝධය ඇතිවීමට හේතුව ඉන්දීය රජයේ විදේශ ප්‍රතිපත්ති පමණක් නොවේ.ඉන්දීය ජාතිකයාද මීට දායක වේ. මට ඉතා සහෝදරත්වයෙන් සමීප වූ සුවිශේෂී මිතුරන් අතලොස්සක් හැර, මා ඇසුරු කල හා කතා බහ කල දහසකට වැඩි සියලු ඉන්දියානුවන්ට පොදු වූ එක කරුණකි. එනම් පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කිරීමට ඇති බලවත් කැමැත්ත හා උද්දච්චකමයි. ඉන්දියානුවා හැම විටම සිතන්නේ අසල්වැසි රටවල සිටින සියලු දෙනාට වඩා තමන් දන්නා බවයි. 

අහංකාර වීම මෝඩ ගතියකි.එහෙත් මේ ගැන තව යමක්ද පැවසිය යුතුය. අහංකාර වන්නේ නම් ඊට අවශ්‍ය සාධක ඉන්දියානුවාට එමට ඇත. ඔවුන් උදේ නැගිටපු වෙලාවේ සිට රෑ නින්දට යනතුරු භාවිතා කරන වැඩිමනක් දේ ඉන්දීය නිෂ්පාදිතයන්ය. ලොව කුමන අස්සකට මුල්ලකට ගියත් එහි ඉහලම සමාජ ස්ථරයේ සිට පහලම තැන දක්වා එක ඉන්දියානුවෙකු හෝ සිටියි. ඒ හැම ඉන්දියනුවාම, පරම්පරා දෙක තුනකට පසුත් ඉන්දියානු ගති අත් හැර නැත.  

අවාසනාවකට මෙන් මෙම ඉන්දීය විරෝධය ධනාත්මක දෘෂ්ටියක් කරා ගෙනයාමට යන්තමින් හෝ හැකිව ඇත්තේ පකිස්ථානුවාට පමණි. මෙය ඉන්දියාවේ වාසනාවකි. අනෙකුත් රටවල් පසෙක තබා අප ලංකාව දෙසට හැරෙමු. 

අශෝක් ලේලන්ඩ් හෝ ටාටා බසයක නැගී ලිප්ටන් වටරවුමට පැමිණ යටිගිරියෙන් කෑගසමින් ඉන්දීය වීරෝධී උද්ඝෝෂණයට සහභාගී වන ගුණපාල හවස ගමට බසයෙන් ගොස් ඇඟපත විඩාව නිසා හන්දියේ සිට බජාජ් රථයක නැගී ගෙදර යයි. ලීලාවතී ඉන්දියන් විරෝධී උද්ගොෂණයට සහභාගී වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත සාරිය ඇඳගෙනය. කෑගහන යකඩ කටත් ඉන්දියාවෙනි. කෑගසා ඉවරවී ගෙදර ගොස්  නරඹන රන් දෙපැයත් ඉන්දියාවෙනි. දහවල් මන්මොහාන්  සිං ගේ පතුරු යැවූ ලීලාවතී රෑට බලන චිත්‍රපටියේ ශාරුක් ඛාන්ට වෙඩි වැදුනහම හඬා වැළපෙයි. යථාර්තය මෙයයි.


ලංකාවේ මේ වනවිට මිලයන භාගයකට වඩා ත්‍රි-රෝද රථ තිබේ. මේවායින් 99% එන්නේ ඉන්දියාවෙනි. ලංකාවේ සාදන රථ එකක්වත් නැත. රථ මිලියන් භාගයෙන් 400,000 ලංකාවේ සැදුවේ නම්, එකකින් රුපියල් 25000 ලාභයක් තැබුවත් මුළු ලාභය බිලියන 10කි. එපමණක්ද නොව ලංකාවට මොන තරම් මුදලක් ඉතිරිවන්න තිබුනේද? ඇතිවන ඍජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව?

ලංකා අශෝක් ලේලන්ඩ් නමින් අප තවමත් කරන්නේ ගෙන්වන බස් වලට ඇලුමිනියම් බොඩිය ගැසීමයි. ඇලුමිනියම් තහඩුව එන්නෙත් ඉන්දියාවෙනි. බස් පැත්තකින් තබමු, ලංකාවේ පදින බයිසිකල් වලින් ලක්ෂ කියක් ඉන්දියාවෙන් ගෙන්වනවා ඇත්ද?

අපේ රටේ බවලත් උදවිය සාරි මිලියන කියක් මිලදීගෙන ඇත්ද? අද වෙනකොට ලංකාවේ එකම සාරියක්වත් නිෂ්පාදනය කරනවාද? එන තරමක් එන්නේ ඉන්දියාවෙනි.


සිනමා කර්මාන්තය ගැන සිතන්න. කඩවුණු පොරොන්දුවේ සිට අද දක්වා අතලොස්සක් හැර හැම චිත්‍රපටයක්ම උතුරු හෝ දකුණු ඉන්දියානු කාබන් කොපිය.  විකට නිර්මාණ ගත්තත්  වෙනසක් නැත. බන්දු සමරසින්හලා, ටෙනිසන් කුරේලා හති දමාගෙන දඟලන්නේ දකුණු ඉන්දියානු විකටයන් කරනදේ එසේම කිරීමටය. ටෙලි සිනමාවේද වෙනසක් නැත. ඉන්දියාවෙන් එන වැල් කතන්දර නවත්වන්න නීති ගෙන ආ විට, එම කතන්දරයම ලංකාවේ නළු නිලියන් යොදාගනිමින් නම පමණක් වෙනස් කර ඉදිරියට ගෙනයයි. 

දෙන්න තව උදාහරණ බොහෝ ඇතත් ලියන්න කාලය මදිය. ඔබ උදැසන අවදි වූ තැන සිට රෑ නින්දට යන තෙක් ඉන්දීය නිෂ්පාදන කීයක් ඇස ගැටෙනවා දැයි ගණන්කර බලන්න.  අන්තිමට පොල් ගෙඩියත් ඉන්දියාවෙන් ගෙන්නුවා නේද? 

නිෂ්පාදන පැත්තකින් තියන්න. අපේ දේශපාලකයෝ චන්දය දිනන්න යන්නෙත් ඉන්දියන් දෙවිවරුන්ගෙන් උදව් සොයාගෙන නේද? අපිට අරිට්ටකි වෙන්ඩු ලා සිටියේ  රජකාලේ පමණක් නොවේ. මෑත ඉතිහාසයේ මෙන්ම අද දවසේද රට කරන ඉහලම තැන් වලට අපල දුරුකරගන්න, සතුරන් ජයගන්න උපදෙස් දෙන්නේ ඉන්දියානු කේවට්ටයන් බව දන්නෝ දනිති. හාස්‍යතම කරුණ නම් ගියවර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ ඉහල උදවිය ඉන්දීය දෙවිවරුන්ගේ සරණ පතා දකුණු ඉන්දියාවේ කෝවිල් ගානේ යාමයි. 


ඉතිහාසය පුරාවට අප කරගත යුතුව තිබුනේ ඉන්දීය විරෝධී හැඟීම දෙපයින් සිටගැනීමේ වාරුව කරගැනීමයි. එසේ වූවා නම් අහංකාර වීම කෙසේවෙතත් අපට අප දෙස බලා සතුටු වීමට ඉඩ තිබුණි. අවාසනාවට  මෑත  ඉතිහාසයේ මෙන්ම අදද සිදු වන්නේද එය නොවේ.

එක පැත්තකින් ඉන්දීය විරෝධී ජනතා හැඟීම දේශපාලකයෝ තම විලිවසා ගැනීමට භාවිතා කරති. අනෙක් පැත්තෙන් මුග්ධ අමනයෝ බුදු රදුන්ට ලංකාවේ උප්පැන්න සහතික දීමටත්, සිංහල ජාතියේ
නිර්මාතෘත්වය විජයගෙන් රාවණට ට්‍රාන්සර් කිරීමටත් වලිකති. 

මේ එකකින්වත් අද අප මේ වැටි ඇති විපතින් අපව ගොඩගත නොහැකිවනු ඇත.  



Friday 13 July 2012

UNCHAIN YOUR MIND


How many of us can do this...!!!!




Don't be afraid to read or listen to other's views, philosophies and arguments
‘Cause that is the only way to understand their shallowness and hollowness

Don’t be afraid to accept something if it is logical and true to your knowledge base
‘Cause that’s the only way you can avoid struggling with your own conscience

Don’t be afraid to reject something that you have already accepted
‘Cause nothing is permanent in this ever changing universe


 I bet that many of you felt uneasy 
even when reading the above lines….


Tuesday 10 July 2012

From Angel to Devil

They should never have entered the dirty politics.........!!!!!!!



Mohan Lal Grero; is the best Physics Teacher that I have come across in my life 
Sarath Fonseka; may be the best Army Commander that Sri Lanka ever had
Sanath Jayasuriya; may be the best opening batsman that the world has ever seen


They achieved the best in their respective fields and became legends.....
But unfortunately they selected the worst ever path that they can take 
in their post-career period.........................POLITICS in SRI LANKA


They never understood their value among the public
They were well above the cheap political figures


But....unfortunately, they selected the wrong path
and fallen from Hero to Zero....


A word for our clergy who run after parliamentary seats....
You are no difference...!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




Monday 9 July 2012

THIS MAY HAPPEN TO ANY OF US !


Mikhail Gorbachev






Once, one of the two most powerful men in the world (Ronald Reagan was the other), Mikhail Gorbachev is still the President of Soviet Union, the world's biggest country existed in the recent times. 


He was  never  thrown away from the Presidency of Soviet Union and he never stepped down either, hence he can still claim that he is at the helm. 

However, unfortunately there is no Soviet Union anymore.........


Keep watching the grounds where you are standing on


You may be the KING of EVERYTHING for a while, and 
the KING of NOTHING in the next instant